ඊයේ(4) දින තංගල්ල කාල්ටන් නිවස අසල උද්ඝෝශණයක් පැවැත් වු තරුන තරුනියන් පිරිසට සංවිධානාත්මක මැර කණ්ඩායමක් කඩු සහා බේස්බෝල් පිති වලින් පහර දි තිබේ.
ඊයේ දින තංගල්ල නගරයේ පිහිටි කාල්ටන් නිවස අසල පැවති විරෝධතාව විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කදුලු ගෑස් සහා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කල අවස්තාවේදි මෙම මැර කණ්ඩායම කඩු සහා බේස්බෝල් පිති රැගෙන තරුන තරුනියන් පසුපස එලවාගෙන ගොස් පහර දි ඇති අතර එම ප්‍රහාර වලින් තුවාල ලැබු තරුනයන් හය දෙනෙකු තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
බෙලිඅත්ත ප්‍රදේශය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙක් ගේ සොහොයුරෙක්ද මෙම සංවිධානාත්මක මැර කණ්ඩායමේ සිටි බව විරෝධතාකරුවන් පැවසිය.
– lanka c news
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
