මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රට අරාජික වීම හැර මේ ඉල්ලා අස්වීමේ කිසිදු වැදගත්කමක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , කවුරුත් කබ්රාල් ට ඉල්ලා අස්වෙන්න කිව්වේ නෑ . මේ හදන්නේ අරාජික කරලා , ජනතා විරෝධතා මත වගකීම පවරන්න. "
" දැන් තියෙන්නේ ජනතා විරෝධය හමුවේ අර්බුදය උත්සන්න කිරීම නෙවෙයි , අර්බුදය වෙනුවෙන් විසඳුම් හොයන්න. ඒ හමුවේ මේ තේරුමක් නැති වැඩක්. ඉක්මනින් ජනතා විරෝධය සමනය කරන්න යෝජනා ඉදිරිපත් කරන්න ඕන . ඒ හැර විකල්පයක් නෑ "
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
