මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්න යෝජනාවක් !

මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්න යෝජනාවක් !

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

 ඊයේ (30) කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අළුතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බවයි.

 "මුදල් මණ්ඩලය පසුගිය කාලයේ ගනිපු සියළු තීරණ වැරදියි. මේ විනාශයට ඔවුන්ද වගකිව යුතුයි. විශ්වාස බිඳවැටුණු විට වෙළෙඳපොළවල් හිරවෙනවා. නවතිනවා. මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේ නිසා, මේ ආණ්ඩුවට තවදුරටත් මේ ආර්ථිකය ගෙනියන්න බෑ. මේක විශ්වාසයේ අර්බුදයක්."

 මේසා විනාශයක් වී තිබියදීත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ සැබෑ වුවමනාවක් නොපෙ⁣නෙන බවත් එවැනි වුවමනාවක් තිබේ නම් ඒ වෙනුවෙන් සකස්කළ ලිපිය පෙන්වන ලෙසත් මෙහිදී මන්ත්‍රීවරයා අභියෝග කළේය.

 එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වහාම සකස් කරන ලෙසත් එයින් ගසා නොකන ලෙසත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි නොකර මෙම ගැටලු වලට පිළිතුරු සෙවිය නොහැකි බවත් කිසිවෙකුත් සෘණ පොලියක් ලබාගැනීමට කැමති නොවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න