බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බව ද එම සංස්ථාව ප්‍රකාශ කළේ ය.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවය.
කෙසේ වෙතත් ඇණවුම් ලද විගස පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කරන බව ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය.
මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට(20) මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
