කඩදාසි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් බස්නාහිර පළාත් පාසල්වල විභාග නිසි පරිදි පැවැත්වීමට නොහැකිව ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්වරුන් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන ලෙසය.
මේ නිසා 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍ර අනුව වාර විභාගය පැවැත්විය හැකි සෑම පාසලක්ම එම කාල සටහන අනුව විභාගය පැවැත්විය හැකියි.
එසේ පැවැත්වීමට අපහසු පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සහ කාලසටහන් පාසල් මට්ටමින් සකස් කරගෙන විභාගය පැවැත්වීමට හැකි වේ.
4, 9, 10 හා 11 ශ්‍රේණි වර්ෂ අවසාන ඇගයීම් අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

(මූලාශ්‍රය news 1st )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
