කිරිපිටි මිළ යළිත් ඉහළට !

කිරිපිටි මිළ යළිත් ඉහළට !

ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345 සිට රුපියල් 1,945 දක්වාද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට රුපියල් 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි ඔවූහු පෙන්වා දෙති.

පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත පසුගිය 07 වැනිදා කළ දැනුම් දිමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇතැයිද ඔවුහු කියති.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයිද එම සමාගම් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න