ඩලස් නිහඬයි : ජනාධිපතිව විවේචනය කළා කියා රූපවාහිනී නිවේදිකාව දොට්ට !

ඩලස් නිහඬයි : ජනාධිපතිව විවේචනය කළා කියා රූපවාහිනී නිවේදිකාව දොට්ට !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

වාර්තා වන ආකාරයට ඒ, ඇය තැබූ ෆේස්බුක් සටහනක් පදනම් කරගෙන ය.

අදාළ නිවේදිකාව ජනාධිපති විවේචනය වන ආකාරයට තැබූ බව සඳහන් ෆේස්බුක් සටහන මෙසේය.

para

 "දවසට වේලක් කන්න වෙරදරන රටේ, බහුතර මිනිස් ජිවිත ගැන , අල්ප මාත්‍රයක සංවේදීකමක්, මෙවන් බෝල් චරිතයකට සහය නොදැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන්, අදටත් ඇත්තේ නිහතමානී සතුටකි."

 මේ සටහන හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පාරමී නිලේප්තා රණසිංහ නිවේදිකාව තම වැඩ තහනම සම්බන්ධයෙන් ද තවත් ෆේස්බුක් සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.

අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.

හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි...
සදාකල් යෙහෙන් වැජඹේවා..

නැවතුමක් නොවේ හැරවුමක් පමණි........

සිදුකර ඇති වැඩ තහනම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් මේ වන විට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන කිහිපයක්ම නිවේදන නිකුත්කරමින් ඊට බරපතළ විරෝධයක් එල්ල කර ඇත.

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය හොබවන්නේද හිටපු මාධ්‍යවේදියකු වන ඩලස් අලහප්පෙරුම වුවත් ඔහුද මේ ක්‍රියාව හමුවේ නිරුත්තර බවක් පෙන්නුම් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න