මම කිව්ව දේ කරන්න ඇයි පරක්කු වුණේ ? IMF යන ආණ්ඩුවෙන් රනිල් අහයි !

මම කිව්ව දේ කරන්න ඇයි පරක්කු වුණේ ? IMF යන ආණ්ඩුවෙන් රනිල් අහයි !

ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අතීත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මෙවැනිම ආර්ථික අර්බුද සහිත අවස්ථා වල රට බාර ගෙන ආර්ථිකය ගොඩ ගත් අවස්ථා ඕනෑතරම් තිබෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ අදහස් දක්වා සිටියේ සමාජ මාධ්‍ය සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසූයේ පමාවී හෝ මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විසඳුමක් නැති බව තමා දිගින් දිගටම සඳහන් කළ බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න