ලොකුගේ පවිත්‍රා දුමී මොකද කරේ ? සෝලා පවර් අවුල ජොනී පෙන්වයි !

ලොකුගේ පවිත්‍රා දුමී මොකද කරේ ? සෝලා පවර් අවුල ජොනී පෙන්වයි !

බොහෝ නිවාසවල, ආයතනවල සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථානවල උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

ඉදිරියේ දී ඒවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

තවද මෙසේ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථාන වලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිලිබඳව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

සූර්ය බලශක්ති පැනල මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට මෙතෙක් එකතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට පවා සූර්ය බලශක්ති පැනල සවිකිරීම සිදු කලද ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය සම්බන්ධතාවය ලබා දීම සඳහා මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේදී නිරීක්ෂණය විය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමු වීමෙන් අනතුරුව එය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන ලදි.

ලොකුගේ පවිත්‍රා දුමින්ද මොකද කරේ ?

මෙම නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෑත කාලීනව මෙකී ක්ශේත්‍රයේ කටයුතු කළ අමාත්‍යවරුන් නිසි ලෙස සිය වගකීම ඉටුකරාද යන ප්‍රශ්නය මෙහිදී පැනනගින බවයි.

රට තුළ විදුලි කප්පාදුවක් අඛණ්ඩව සිදුවන පසුබිමේ ඊට පෙර නිසි සූදානමක් පැවතියේ නම් මෙවැනි අඩුපාඩුවක් සිදුවිය නොහැකි බව ඔවුන්ගේ වැඩිදුර අදහස වෙයි.

එම නිසා මේ අඩුපාඩු විමසීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටු ස්ථාපිත කිරීමට සිදුව ඇති බවත් බලශක්ති අර්බුදයක් සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයක් කර ගැනීමට අසමත්වීම අතිශය කණගාටුවට කරුණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න