මාර්තු 05 වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැවසූවත් එදිනද විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ගේ පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇත.
වාර්තා වන ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලයට හෙට (05) සහ අනිද්දා (06) දින දෙක සදහා විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.
ඒ සඳහා අදාල කලාප හා වේලාවන් මෙසේය.
මාර්තු 05
P Q R S T U V W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලයේදී පැය 03ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක්
E F කාණ්ඩ සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් සහ නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක්
මාර්තු 06
A B C කාණ්ඩ සදහා පමණක් පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලයේදී පැය දෙකයි මිනිත්තු 30ක්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
