ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු වූ හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ශේන් වෝන් 52වැනි වියේ පසුවිය.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.
පා දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොවම මවිත කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශේන් වෝන් හැඳින්විය හැකිය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145ක් ක්‍රීඩා කර ඇති ශේන් වෝන් කඩුලු 708ක් ලබාගෙන තිබේ.
එක්දින තරග 194කදී ඔහු ලබා ඇති කඩුලු ගණන 293කි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු වෝන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
