යුගදනවි විකිණීමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභා කරයි

යුගදනවි විකිණීමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභා කරයි

කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු 40%ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරිණි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් 05 ඉදිරිපත් කර තිබිණි.

ඒවායේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් ‌කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න