ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

පොලි අනුපාතිකය කෙරෙහි බලපෑම් කරන ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉහළ දමා ඇත්තේ සියයට 6.5 ක් ලෙසය.

ණය පහසුකම් අනුපාතය සියයට 7.5 දක්වා ඉහළ දමා තිබේ.

ඒ සමගම බැංකු අනුපාතය ස්වංක්‍රියවම සියයට 10.5 දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4 කි.

මීට අමතරව නියාමනය කරන ලද පොලී අනුපාත ඉහළ දැමීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ක්‍රෙඩ්ට් කාඩ් සඳහා උපරිම පොලී අනුපාතය සියයට 20කි.

බැංකු අයිරා සඳහා උපරිම පොලී අනුපාතය සියයට 18 ක් වනු ඇත.

උකස් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාතය සියයට 12ක් වනු ඇති බව මහබැංකුව නිවේදනය කළේ ය.

මහ බැංකුව පවසන්නේ එමගින් ආර්ථික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කෙරෙනු ඇති බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න