ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුව

ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුව

ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබේ.

මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මාසික මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් පවසන්නේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තවදුරටත් සීමා කළයුතු බවයි.

විදේශ ප්‍රේෂණ හා ආයෝජනය ඉහළ දැමිය යුතු බවත් මේ හරහා විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම හා වර්ධනය කර ගැනීම සිදු කළයුතු බවත් වැඩිදුරටත් පවසයි.

මීට අමතරව බදු ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස මහ බැංකුව සිය නිර්දේශ මගින් සඳහන් කරයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න