ආණ්ඩුවේ කෙළෙහි ගුණ වැගිරේ : බැසිල්ගේ ඉල්ලීම වැඩ කරයි : විමල් උදය දොට්ට !

ආණ්ඩුවේ කෙළෙහි ගුණ වැගිරේ : බැසිල්ගේ ඉල්ලීම වැඩ කරයි : විමල් උදය දොට්ට !

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වහාම අමාත්‍ය ධුරවලින් නෙරපා හැර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ ඔවුන් අමාත්‍ය ධූර වලින් නෙරපා හරින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදුකල බලපෑම් හමුවේ හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට ජනාධිපති කටයුතු කර ඇත.

එහිදී විමල් විරවංශ හා උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වන්නේ නම් කැබිනට් රැස්වීම්වලට සහභාගී නොවන බව මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත අද පෙරවරුවේ අවධාරණය කර තිබු බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මේ අමාත්‍ය ධූර සංශෝධනය සිදුකර ඇත.

ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත්කර පුරප්පාඩු වූ තනතුර සඳහා නව බලශක්ති අමාත්‍ය ලෙස ගාමිණී ලොකුගේ පත්කර ඇත.

විමල් වීරවංශ අමාත්‍යවරයා ඉවත් කර පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා පත්කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ය.

 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ (02) පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ උත්සවයෙදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මුදල් අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කල අතර , කාලයක් තිස්සේ ආණ්ඩුව අභ්‍යන්තරයේ මෝරා ගිය අර්බුදයක් හැරවුම් ලක්ෂයක් බවට පත්වීමක් මෙ හරහා සිදුවූ බව ඇතැම් දේශපාලන විචාරකයන් පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න