රනිල් යළිත් ආණ්ඩුව අමාරුවේ දායි !

රනිල් යළිත් ආණ්ඩුව අමාරුවේ දායි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාවෙි සඳහන් කර ඇති ආකාරයට සැලසුමක් ඇතිව මූල්‍ය අරමුදල වෙත යනවාද?නොයනවාද? යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ඔහු පවසයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා

එක්සත් ජාතික පක්ෂ නායක, මේ බව පැවසූයේ එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (3) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවකදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට අදාළව ඊයේ (2) අලුයම නිකුත් කළ වාර්තාව පිළිබඳවත් එහිදී අදහස් දක්වා ඇති හිටපු අග්‍රාමාත්‍යවරයා රජය සතු විදේශ සංචිත අඩු වීම,බඩුමිල වැඩිවීම මෙන්ම මහ බැංකුවට මුදල් අච්චු නොගසන ලෙස දැනුම් දීම ඇතුළු කරුණු රාශියක් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇතැයිද පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 ට අදාලව නිකුත් කළ වාර්තාවේ ලංකාව සිම්බාබ්වේ රාජ්‍යය සමඟ සම තත්ත්වයක තැබීම ද විශේෂත්වයක් බව මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරුවූ බව දැනගන්නට ඇත.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාළ වාර්තාව සැකසන අවස්ථාවේදී පැවැති තත්ත්වය අනුව ලංකාවේ සංචාරක පැමිණීම වැඩිවිය හැකි බව සඳහන් කෙරුණත් රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ඒ තත්ත්වය වෙනස්වී ඇතැයි ද මේ සාකච්ඡාවේ දී අනාවරණය කර තිබේ.

රනිල් ස්ටයිල් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය දැනුම සහ දේශපාලන පරිචය හරහා ආණ්ඩුව වෙත බරපතළ හානි සිදුකරමින් සිටින බවයි.

මේ වන විට සිදුකරන ප්‍රකාශ හරහා ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයකු ලෙස නොව 2010දී එදා යුද ජය සමරමින් සිටි මහින්ද පාලනය තිගැස්සවූ සහ 2015 දී රාජපක්ෂ පාලනය පෙරළීමට පසුබිම සකස් කළ විපක්ෂ නායක භූමිකාව සිහිපත් කරවන බවත් දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න