තෙල් පෝලිම්වල ගෝරි බේරන්න පොලිසිය දායි !

තෙල් පෝලිම්වල ගෝරි බේරන්න පොලිසිය දායි !

ඉන්ධන පිරවුම්හල් අසල මහජනතාව පෝලිම්වල රැදී සිටින අවස්ථාවන්වලදී යම් කලහාකාරී සිදුවීම් ඇතිවීම වැළැක්වීම සදහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකළ යුතු බවට දිවයිනේ සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැනුම් දී තිබේ.

ගොවි අවශ්‍යතා සහ කෘෂි කාර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ සඳහා කෑන් හෝ බූලි මඟින් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සදහාත් සංචාරක ක්ෂේත්‍රයට අදාල සංචාරකයින් ප්‍රවාහනය කරන රථවාහන සහ ගිලන් රථ, ගිනි නිවීමේ රථ රෝගී ප්‍රවාහන වෙනත් රථවාහන සදහාත් ඉන්ධන ලබාගැනීමේදී ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබාදීම සදහා අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිරුවන් දැනුවත් කර ඇත.

ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් අසල පොලිම් පවතින අවස්ථාවන් වලදී එම තදබදයන් අවම වන තුරු පොලිස් නිලධාරීන් යොදවා රථාවාහන පාලනය කිරීමට කටයුතුකරන ලෙසත් පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න