මූල්‍ය ප්‍රතිපත්තිය වැරදියි : පැය 8 ක විදුලි කප්පාදුවක් : ජනක ළඟදීම ගෙදර ?

මූල්‍ය ප්‍රතිපත්තිය වැරදියි : පැය 8 ක විදුලි කප්පාදුවක් : ජනක ළඟදීම ගෙදර ?

තවදුරටත් වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් තත්ත්වය ඉතා බරපතළ වී ඉදිරි දිනවල දී දිනකට පැය අටක් වැනි විශාල විදුලි කප්පාදුවකට යෑමට සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක පෙන්වා දෙන්නේ ඩොලරයේ රුපියල් අගය කොතරම් ඉහළ ගියද ඩොලර් අර්බුදයට විසඳුම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම බවය.

මේ වන විට ඉන්ධන නොමැති වීමෙන් මෙගාවොට් 700 ක් පමණ නිෂ්පාදන ධාරිතාවක් සහිත බලාගාර අක්‍රීය වීම හේතුවෙන් විදුලි කප්පාදුව සිදු කරන බවත් විදුලිය කප්පාදු නොකර සිටීමට රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ එයා ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා පැවසීය.

විදුලි නිෂ්පාදනය සඳහා සතියකට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ දිනෙන් දින විදුලි කප්පාදුව පිළිබඳ කතා නොකර සතියෙන් සතිය තීරණයකට එළඹීමේ අදහසින් බව ද පැවසූ ඔහු මෙම විදුලි කප්පාදුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වන බව ද කියා සිටියේය.

ඊළඟට ගෙදර යන්නේ ජනක ?

පසුගිය දින කිහිපයක් තිස්සේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක දිගින් දිගටම ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය විවේචනය කරන බවක් මේ හරහා පෙන්නුම් කරයි. එසේම ඔහු රජයේ මුදල් සම්බන්ධයෙන් වගකීම් දරන කිහිපදෙනෙකු ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසා තිබිණ.

 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කිරීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ විරෝධයක් මතුව ඇති බවයි.

මන්ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ගේ ප්‍රකාශ හරහා ආණ්ඩුවට නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තියක් නොමැති බව තහවුරු කෙරෙන බවත් බොහෝ විට තනතුර පවා අහිමිවන තත්ත්වයක් මතුවිය හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න