LTTE නැවක් මුහුදේ ගිල්වයි

LTTE නැවක් මුහුදේ ගිල්වයි

එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද "වෙලින්" හෙවත් A 522 නෞකාව මුහුදේ ගිල්වා විනාශ කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

වාර්තා වන ආකාරයට ඒ අදාළ නෞකාව කැබලි කර විකිණීමට ලංසු කැඳවූ නමුත් ඊට නිසි මිලක් නොලැබී ඇති නිසාය.
අදාළ නෞකාව යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ වන තෙක් නාවික හමුදාව භාරය ආරක්‍ෂිතව කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණි.

නෞකාව භාවිතා කිරීමට නොහැකි තත්වයේ පැවති හෙයින් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමිමට රජය තිරණය කළ අතර, ඒ අනුව අද (මාර්තු 26) බටහිර මුහුදු තීරයේදී ඒ 522 නෞකා‍ව ගිල්වා දැමිමට නාවික හමුදාව කටයුතු කරන ලදී

තවද, ගිල්වන ලද නෞකව තුල විශාල වශයෙන් කොරල්පර බිහිවිම සහ ජලජ ජිවින් ගැවසිම හේතුවෙන් දේශිය සහ විදේශිය සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය අප රටේ සංචාරක ව්‍යාපරයට මහත් රැකුලක් වනු ඇත.

{gallery}A522{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න