පක්ෂ ප්‍රතිසංවිධානයට අවසන් දිනය අප්‍රේල් 4 : නැත්නම් UNP 27ක් අගමැතිට එරෙහිව

පක්ෂ ප්‍රතිසංවිධානයට අවසන් දිනය අප්‍රේල් 4 : නැත්නම් UNP 27ක් අගමැතිට එරෙහිව

එළඹෙන අප්‍රේල් 4 ට පෙර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිත ප්‍රතිසංවිධාන කටයුතු සිදුනොවන්නේ නම් එදිනට පක්ෂයේ 27 දෙනෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමට හෝ ජන්දය වර්ජනය කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සඳහන් කරයි.

එසේම මේ වන විට ලබා ඇති අපකීර්තිය පදනම් කරගෙන අදාළ දිනයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්විය යුතු බවත් මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද ඔහු පවසයි.

ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළඅතර අග්‍රාමාත්‍යවරයාට සහය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන් අත්සන් නොකල බවත් එසේ අත්සන් කිරීමටද තමන්ට අදහසක් නැති බවත් ඔහු සදහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න