නාවික හමුදාවට ඉන්දියාවෙන් දෙවන අධි තාක්ෂණික නෞකාවක්

නාවික හමුදාවට ඉන්දියාවෙන් දෙවන අධි තාක්ෂණික නෞකාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (මාර්තු 26) උදෑසන 0940 පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (ඒඑස්ඩබ්) සමන් පෙරේරා මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ. මෙම නෞකාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එම කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, රියර් අද්මිරාල් (සැපයුම්) විජිත මැද්දගොඩ මහතා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

ඉන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නෞකාව නුදුරේදීම සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අධිකාරියට පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම, පසුගිය මාර්තු 23 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය, ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අතිගරු චිත්‍රාංගනි වාගිෂ්වර මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේදී සිදු කෙරුණි. එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා විසින් නිල වශයෙන් නෞකාව භාර ගන්නා ලදී.

{gallery}p624{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න