කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම රනිල්වත් හමුවෙලා !

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම රනිල්වත් හමුවෙලා !

විවිධ රටවල දේශපාලන සහ මැතිවරණ තීන්දුවලට බලපෑම් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සහ බියගැන්විමේ ක්‍රමෝපායන් යොදාගන්නා බ්‍රිතාන්‍ය ආයතනයක් ලෙස චැනල් 4 නාලිකාව විසින් අනාවරණය කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ නියෝජිතයන් තමන් හමුවීමටද පැමිණි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සභාපතිවරයා ලෙස දෙවන වරටත් නිතරගයෙන් පත්වූ ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා දිවුරුම්දීමේ උත්සවය අමතමින්ය.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහභාගීත්වය තමන් ප්‍රතික්ෂේප කල බවත් එය වාසනාවක් බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය සම්බන්ධව මේ වන විට චැනල් 4 නාලිකාව සිදුකර තිබෙන අනාවරණයට අදාළ කරුණු කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය තමන් සමඟද පැවසු බවත් ඒ හේතුවෙන් චැනල් 4 අනාවරණය විශ්වාසදායක බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න