Language Switcher

V2025

ආණ්ඩුවෙන් යමු : ශ්‍රීලනිප ඇතුලේ තවත් යෝජනාවක් !

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන ඇති බව වාර්තා වන අතර ඊට දේශපාලන ක්ශේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

අදාළ යෝජනාව සම්මතව ඇත්තේ , කඹුරුපිටිය ශ්‍රීලනිප බලමණ්ඩලයේදීය.

එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබීම විශේෂ සිදුවීමක් වන බව ශ්‍රීලනිප පාක්ෂික අදහසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොදුජන පෙරමුණ වෙත බරපතළ දේශපාලන හානියක් සිදුකරමින් සිටින බවයි.

ලක්ෂ 69 සහ තුනෙන් දෙකේ පොදුජන පෙරමුණේ ජනවරම හමුවේ ශ්‍රීලනිප ය ආණ්ඩුව තුළ පහතට ඇද දැමීමක් රාජපක්ෂවරුන් සිදුකළ බවත් , ඒ පහතට දැමීම දැන් දේශපාලන වාසියක් කරගන්න ශ්‍රීලනිප ය සමත්ව කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රීලනිප අභ්‍යන්තරයේ පොදුජන පෙරමුණේ විරෝධය විටින් විට එළියට ගනිමින් ශ්‍රීලනිප ය ප්‍රචාරක වාසියක් ලබන බවත් , ආණ්ඩුව කරන කිසිදු කටයුත්තක් ගැන වගනොකියන තැනට නොනිල ලෙස ශ්‍රීලනිප ය පත්ව ඇති බවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.