"සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ මේ ප්‍රකාශයත් සමග, දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ , 2024 "වෙන්ඩ ජනාධිපතිලා" දැන් සිටම අමාත්‍යංශ නම් කරමින් සිටින බවයි.
මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් , සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය තමන්ට හිමිවන බවය.
අනුරගේ අමාත්‍යංශ බෙදීම !
මේ අතර ජාතික ජනබලවේගය පක්ෂයේ නායක , ජවිපෙ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් තමන් පිහිටුවීමට නියමිත ආණ්ඩුවේ අමාත්‍යංශ බෙදීම ගැන පැවසීය.
එහිදී ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත සහ ආර්ථිකය දේශපාලන මණ්ඩල සභිකයන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වෙත ලබා දෙන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
