Language Switcher

V2025

'රටෙන් අපට කියලා හිතනවට වඩා, අපෙන් රටට කියලා හිතලා වැඩ කරමු' - හිටපු අගවිනිසුරුවරිය

''අපේ අපේක්ෂාවන්, අපේ හැකියාවන් වගේම අපේ දිරිසම්පන්න කම විය යුත්තේ, රටෙන් අපට කියලා හිතනවට වඩා අපෙන් රටට කියලා හිතලා වැඩ කිරීම'' බව තමාගේ හැඟීම යයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පවසන්නීය.

රට යළි නගා හිටුවන්නට ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ කැපවීම මෙන්ම දරු පරපුර නංවාලීමත් අතීශයෙන්ම වැදගත් බව ඇය අවධාරණය කර සිටියි.

හිටපු අගවිනිසුරුවරිය අද (14) එබව කියා සිටියේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ චරිත කතාව එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය සිදුකරමිනි.

මෙම උත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ලෝටස් ශාලාවේ දී පැවැත්විණ. දේශපාලනඥයින් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සරසවි ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ඇති මෙම කෘතියේ කතුවරයා වන්නේ තරිඳු තොටවත්ත යි.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විශ්‍රාම ගැනීමෙන් පසුව මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවට එක්වූ පළමු අවස්ථාව මෙයවීම සුවිශේෂී කාරණයකි.

WhatsApp Image 2022 01 14 at 5.25.22 PM 3චන්ද්‍රිකා කෘතියේ කතුවරයා චන්ද්‍රිකා සහ ශිරාණි සමග..

උත්සව සභාව අමතමින් හිටපු අගවිනිසුරුවරිය මෙසේද පැවසුවාය.

''අපි දේශයක් විදියට ගමන් කරමින් ඉන්නේ අතීශය දුෂ්කර මාර්ගයක''

''අපි දේශයක් විදියට ගමන් කරමින් ඉන්නේ අතීශය දුෂ්කර මාර්ගයක. ගෙවමින් ඉන්නේ හිතාගන්න දරාගන්න බැරි ප්‍රශ්න ගණනාවකුත් එක්ක.

පහුගිය දවසක විශාල ප්‍රචාරයක් දී තිබුණා විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න ආගමන විගමන කාර්යාලයේ දීර්ඝ පෝලිම් දකින්නට තිබුණා කියලා. මේ වගේ අවස්ථාවක ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ පෞද්ගලික විදේශ සංචාරයක යෙදෙන්නට වඩා එක්කෝ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙන්න. එහෙමත් නැත්නම් රැකියාවකට වෙනත් රටකට යන්න.

විදේශ රැකියා සඳහා යන ලාංකිකයින්ගෙන් අපේ රටට විදේශ විනිමය ගලා එන බව ඇත්ත. නමුත් ඒත් එක්කම සිදුවන්නේ බුද්ධි ගණනය. දැනටමත් අපේ රටේ හැකියාවන් ඇති බොහෝ දෙනෙක් මේ රටින් පිටවී ගිහින් අවසානයි. මම දකින විදිහට ඒක අපේ රටේ සම්පත් අපට නැතිවීමක්. අපි රටක් වශයෙන් නැගී සිටීම මේ වගේ දුෂ්කර සන්දිස්ථානයකදී අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්.

අපේ අපේක්ෂාවන්, අපේ හැකියාවන් වගේම අපේ දිරිසම්පන්න කම විය යුත්තේ රටෙන් අපට කියලා හිතනවට වඩා අපෙන් රටට කියලා හිතලා වැඩ කිරීම බව මගේ හැඟීම වෙනවා. මේ තත්වය නගා හිටුවන්නට අපේ තරුණ පරපුරේ කැපවීම වගේම දරු පරපුර නංවාලීමත් අතීශයෙන්ම වැදගත් වෙනවා. ........

දරුවන් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් රටකට අත්‍යවශ්‍ය බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ රට නංවාලන්න ඇපකැප වී සේවය කිරීමේ අවශ්‍යතාවය ගැන හදවගේ සනිටුහන් වෙන පණිවුඩයක් තියන්න පුළුවන් වෙන්නේ දරුවෙකුගේ කුඩා අවධියේ ඉඳලයි. ''

ccc