රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කර තිබේ. චක්‍රලේඛයට අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම 2022-01-01 දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධරයින් හැර අනෙකුත් සියලුම සිවිල් නිලධරයින් සඳහා අදාළ වේ.
තව ද මේ වනවිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති සහ විශ්‍රාම යෑම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද අදාළ චක්‍රලේඛයෙන් පැහැදිලි කර තිබේ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
