පොල්ල තියන්න කළින් මෛත්‍රී එළවන්න : ජනාධිපතිට යෝජනාවක් !

පොල්ල තියන්න කළින් මෛත්‍රී එළවන්න : ජනාධිපතිට යෝජනාවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පසුගිය ජනපතිවරණයේ හෝ මහ මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවකු නොවන බවත්, කොයි මොහොතේ හෝ හිටපු ජනපති ඇතුළු පිරිස පොල්ල තියා යන බැවින් හොඳම දේ දැන්ම ඔවුන් ඉවත් කිරීම බවත්, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

ඊයේ (05) මහනුවර පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව ප්‍රකාශය කළේය.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රි ධුර 13ක් හිමි වූවේ පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කළ නිසා බවත්, තනිව තරග කළා නම් ඔවුන්ට අත්වන්නේ එජාපයට අත්වූ ඉරණමම බවත් අවධාරණය කළ අමාත්‍යවරයා ආණ්ඩුව තුළ සිටිමින් එහි සාමූහිකත්වයට හානි වන ලෙස කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත්, එලෙස කරන්නට අවශ්‍ය නම් කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එය සිදුකිරීම බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න