සුසිල් ගම්මන්පිලගේ එල්ලෙයි : මණ්ඩලේ කචල් !

සුසිල් ගම්මන්පිලගේ එල්ලෙයි : මණ්ඩලේ කචල් !

ත‍්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට අයිති බව ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කළද මීට පෙර, අදාල විෂය භාරව කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් ඒ කතාව ප‍්‍රතික්ෂේප කරයි.

මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන වුවද වැඬේ කරන කොට එසේ නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පවසන්නේ ගම්මන්පිලගේ කතාව බොරුවක් බවයි.

දිවයින පුවත්පත පළ කර තිබෙන එම දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවෙන් ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ හිමිකම සම්බන්ධයෙන් ඔහු පළ කර තිබෙන කොටස මෙසේ අපි උපුටා දක්වමු.

ප‍්‍රශ්නය – ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඇති කර ගැනීමට යන ගිවිසුම පිළිබඳව මේ වනවිට මත දෙකක් පළ වී තිබෙනවා. එක් මතයකින් කියනවා එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදෙන බව. අනෙක් මතයෙන් කියනවා දැනටමත් ඉන්දියාවට ලබාදීලා තිබෙන එම තෙල් ටැංකි යළි ලබාගන්නා බව. එම මත දෙකෙන් නිවැරදි මතය කුමක්ද?

පිළිතුර – මගේ මතය ඉන්දියාවට තෙල් ටැංකි අයිති නැහැ. නැති එක පිළිබඳව නීතිමය ප‍්‍රශ්නයකුත් තිබෙනවා. අනෙක් කාරණය තමයි 2003 දී අත්සන් කළ ගිවිසුම මගින් එම තෙල් ටැංකි ඉන්දියාවට අයත් වූවා නම් ගත වූ වසර 18 තුළ ඉන්දියාව එම ටැංකි ලබා නොගෙන ඉන්නේ නැහැනේ? ඉන්දියාවට තෙල් ටැංකි අයිති නම් ඇයි ඒ රට අපෙන් අහන්නේ එම ටැංකි ශුද්ධ කිරීමට. කවුරු හරි කියනවා නම් දැනටමත් එම තෙල් ටැංකි ඉන්දියාවට අයිති බව එහෙම කියන්නේ එම ටැංකි ඉන්දියාවට දීමට අවශ්‍ය වී තිබෙන අය තමයි. ඒ අය රටට ලෝකයට එකත් ප‍්‍රකාශ කරනවා. රහසේ ඉතිරි අනෙක් කටයුතු කරනවා. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතව කතා කරනවා. මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන. නමුත් වැඬේ කරන කොට එහෙම නෑ.

ප‍්‍රශ්නය – ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන ගිවිසුමට ඔබ විරුද්ධද?

පිළිතුර – නෑ… මම කියන්නේ මෙතැන තිබෙන්නේ තෙල් ටැංකි පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ භූමියේ වටිනාකම ඒ අය දන්නවා. එම නිසා මෙම භූමියට පය තබාගන්න තිබෙන හොඳම ක‍්‍රමය තමයි තෙල් ටැංකි සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පිහිටුවා ගැනීම. මම කියන්නේ එහෙම නොකර අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය රැකගෙන අපට වෙන කරන්නට දෙයක් නොමැති නම් කරන්න තිබෙන හොඳම දේ තමයි සී. පී. එස්. ටී. එල් එකට අනුව බදු ගිවිසුමක් අත්සන් කිරීම. එය කළ යුත්තෙත් වෙන කරන්නට දෙයක් නොමැති නම් පමණයි.

mawrata

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න