දෙසැම්බර් 31 : රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා !

දෙසැම්බර් 31 : රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා !

රට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත.

2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 (බිලියන 678.33) කි.

ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම හරියට ‘Catch me if you can’ චිත්‍රපටියේ නත්තල් දවසේ රැ, රටට උත්සවශ්‍රීයෙන් නත්තල සමරන විට, ප්‍රංශයේ ඉදන් හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. ලංකාවේ මිනිස්සු ගෑස්, කිරි, හාල් පෝලිම්වල ඉන්න අතරේ අවුරුද්දේ, අන්තිම දවසේ, අන්තිම පැයේ දී රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා තියෙනවා‘ යැයි හිටපු ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම. පසුගිය වසරට ආණ්ඩුව රු. ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300) ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් වෙලා නෑ.

අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි. දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ. දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා. හැමදේටම ආණ්ඩුවට තියෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි. වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා. මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ. රටේ තියෙන සීමිත හාල්, ගෑස්, කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා‘ යැයි ද, හිටපු ආණ්ඩුකාර නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න