කෝටි 150 පොහොර වංචාවක්

කෝටි 150 පොහොර වංචාවක්

අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොළහකට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුගිය 2018 – 2020 අතර කාලයේදී ආනයනය කරනු ලැබූ පොහොර වෙනුවෙන් මෙලෙස විශාල මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණයවී ඇත.

පොහොර සමාගම් 11ක් 2020 මුල් කාර්තු දෙකේ අවස්ථා 213 කදී අඩු මිල යටතේ ආනයන කරනු ලැබූ පොහොර මෙට්‍රික් ටොන් 156272.5 ක් සඳහා මෙලෙස මුදල් ගෙවා ඇත්තේ පොහොර සහනාධාරය වෙනුවෙන් බව පවසමිනි.

තවද ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50 කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක සඳහන්ව ඇතැයි පැවසේ.

එම පොහොර ගෙන්වූ අවස්ථා 213 දීම ආනයනික මිල ( Invoice price) මිල කමිටුව තීරණය කළ මිලට වඩා අඩු අගයක් ගෙන තිබී ඇතැයි පැවසේ. එසේම පොහොර ආනයනය කළ සමාගම් කිහිපයකට කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ මිල කමිටුවේ මිල සූත්‍රයෙන් බැහැරව 2018වර්ෂයේදී රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇතැයිද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මිල ගණන් තීරණය කිරීමේදී රජයට අවම අවාසියක් ඇතිවන පරිදි, සාධාරණ ආකාරයට එම කටයුතු කිරීමට මුදල් කමිටුවට හැකියාව තිබුණත් මෙම පොහොර ගනුදෙනුවලදී එවැන්නක් සිදුවී නැති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න