සාකච්ඡා අසාර්ථකයි : දුම්රිය වර්ජනය තවත් දැඩි කිරීමට තීරණයක්

සාකච්ඡා අසාර්ථකයි : දුම්රිය වර්ජනය තවත් දැඩි කිරීමට තීරණයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමට ඔවුන් තීරණය කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථක බවත් ඒ අනුව වර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපතිවරන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න  පවසයි.

පසුගිය 21 වැනිදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම අත්හිටුවා ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන ආදායම මිලියන 09 කට ආසන්න වේ.

ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහනයද අත්හිටුවීමෙන් එම පාඩුව තවදුරටත් ඉහළ යනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න