දින 04 ක් පුරා පැවති දීප ව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, අද (24) පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු එම තීරණයට එළැඹී බවයි.
වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුකරණ බව පවසමින් ඊට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දිනයේ සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණි.
වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද දිනයේද රෝගීන් දුෂ්කරතාවට පත්වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
