ගෘහස්ත ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් පසුව මේ දක්වා ගෑස් පිපිරීම් හේතුවෙන් පුද්ගල මරණ හතක් වාර්තා වී ඇති බව lanka truth වෙබ් අඩවිය වාර්තා කරයි.
එසේම ගෑස් මේ වසර තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 847 ක් සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි. ගෑස් පුපුරා යාමේ සිදුවීම්වලින් 797 ක් ලිට්‍රෝ ගෑස් හා සම්බන්ධ සිදුවීම් බවත් අදාළ පුවත පවසයි.
එහි වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට ලාෆ්ස් ගෑස් හා සම්බන්ධ පුපුරායාමේ සිදුවීම් සංඛ්‍යාව 50 කි.
සමස්ත සිදුවීම්වලින් 477 ක් ගෑස් උදුන් පුපුරා යාමේ සිදුවීම් ය. සිද්ධීන් 299 ක් ගෑස් කාන්දුවීම් නිසා ඇති වූ පුපුරායාම් ය. සිද්ධීන් 52 ක් ගෑස් නළයේ කාන්දුවීම් හේතුවෙන් සිදුව ඇතැයි පැවසේ.
මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනෙකුත් තත්ත්වය ගැන සොයා බැලීමට ජනාධිපති පත්කල කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (20) ලබාදීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
