ආණ්ඩුව අභ්‍යන්තරයේ රාජපක්ෂ විරෝධී අදිසි නායකයෙක් !

ආණ්ඩුව අභ්‍යන්තරයේ රාජපක්ෂ විරෝධී අදිසි නායකයෙක් !

ආණ්ඩුව අභ්‍යන්තරයේ රාජපක්ෂවරුන්ට පාලනය කරගත නොහැකි බලවේගයක් නිර්මාණය වී ඇති බවත් ඒ බලවේගය මේ මොහොතේ බැසිල් විරෝධී පමණක් ස්වරූපයෙන් කටයුතු කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙකී බලවේගය විමල් වීරවංශ ඇතුළු පක්ෂ 11 කණ්ඩායම ලෙස නම් කළ හැකි බවයි.

මේ බව පසුගියදා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරයකු වෙතින් ප්‍රකාශ වූ බවත් පවසන දේශපාලන විචාරකයන් මේ මොහොතේ කරළියේ පෙනෙන්නට නැති නමුත් විමල් - ගම්මන්පිල - මෛත්‍රී - වාසු නොවන අයෙකු රාජපක්ෂවරුන් ට එරෙහි බලවේගයේ ප්‍රධානියා විය හැකි බවත් අවධාරණය කරයි.

ජගත්ගේ කටින් පැන්නේ මොකක්ද ?

මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසා සිටියේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වූවොත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවයි.

ආණ්ඩුව කළ යුත්තේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයන් ආණ්ඩුවෙන් එළවා දැමීම නොව ඔවුන් සමග ඉදිරියට යෑම බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

රටේ අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු ද නැද්ද යන්න පිළිබදව තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවසීය.

එසේම අග්‍රාමාත්‍ය ධුරයට හෝ ජනාධිපති ධූරයට පත්වීමට සිය පක්ෂය තුළ සුදුසුකම් ඇති තවත් නායකයින් කිහිප පොළක් සිටින නමුත් එම පුද්ගලයන්ගේ නම් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවද ඔහු පැවසීය.

එමෙන්ම කලින් වතාවලදී මෙන් මෙවර ඇමරිකාවට ගොස් පැමිණි විට බැසිල් රාජපක්ෂ මහතාට කිරීම සඳහා විශේෂ දෙයක් නොමැති බවත් රටේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව විනාශ කිරීමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව ද ඇතැම් රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරුන් ගේ පමණක් නොව ජනාධිපති වරයාගේ ද අණ නොතකමින් ආණ්ඩුවේ ක්‍රියාදාමය අඩපණ කරමින් රට බංකොලොත් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක නිරත වන බවටද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් තමා පුද්ගලිකව විරුද්ධ නමුත් මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට අවාසි සහගත බවත් ඔහු සදහන් කලේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න