ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිය දෙවන ධුර කාලය තුළ සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු වත්මන් සහ හිටපු අධිපතිවරුන් සඳහා අලුතින් අනුමත කරන ලද හිඟ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 7 ක වෙන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු මීට පෙර අධිපති ධුරය හෙබවූ කාලයේ ලබාගත් වැටුවෙන් සියයට 74ක් විශ්‍රාම වැටුපක් ලෙසත් මසකට රුපියල් 400,000ක් වත්මන් වැටුප ලෙසද ලබමින් සිටී. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලැබූ වැටුපට වඩා රුපියල් 150,000ක මාසික වැටුපක් කබ්රාල් මහතා ලබාගනිමින් සිටියි. බැඳුම්කර වංචා චෝදනා මත මහ බැංකුවෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ මසක වැටුප රුපියල් 70,000ක් වූ අතර ඔහු නව විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ඉවත් කර තිබේ.
2021 සැප්තැම්බර් මාසයේදී නව මහ බැංකු අධිපති ලෙස වැඩ භාරගත් කබ්රාල් මහතාට නව වැටුප මත ඔහුගේ මීළඟ විශ්‍රාම වැටුප ලැබෙනු ඇත. හිඟ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඔහුට ගෙවා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි. මහ බැංකුවේ හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා බැංකුවේ වසර දෙකක් පමණක් සේවය කර ඇතත් ඔහු ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපකට හිමිකම් කියයි.;
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි
අද වෙබ්අඩවිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
