Image

ලංකාවේ ව්‍යාපාර ප්‍රජාතන්ත්‍රීකරණය කළ යුතු යි - Ideas front වීඩියෝවක්

ලංකාවේ ව්‍යාපාර ප්‍රජාතන්ත්‍රීකරණය කළ යුතු යි - Ideas front වීඩියෝවක්

ලෝකය දියුණු වූ අකාරය පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් ව්‍යාපාරිකකරණය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට රජය පෙලඹිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ ව්‍යාපාරිකයින් හත් දෙනකු සිටින්නේ නම් ඒය දාහතර දෙනකු දක්වා වර්ධනය කළ යුතු බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකානු හෙජමනිය පවත්වාගෙන යෑම පිණිස ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයින් ගේ ධනය ව්‍යාප්තිය නවතා දැමීමේ අවශ්‍යතාවක් ඇමරිකාවට ඇති බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න