මැති ඇමති ප්‍රභූන්ගෙන් : ලක්ෂ 93ක ජල බිල්පත් පොල්ලක් !

මැති ඇමති ප්‍රභූන්ගෙන් : ලක්ෂ 93ක ජල බිල්පත් පොල්ලක් !

රජයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූන් 40 දෙනකුගේ නිවෙස්වලට ජලය සැපයීම වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු රුපියල් අනූතුන් ලක්ෂයක පමණ මුදලක් අදාළ තැනැත්තන් විසින් මෙතෙක් ගෙවා නැතැයි ජල සම්පාදන මණ්ඩලය සිදුකළ විගණනයකින් හෙළිදරව් වී ඇත. දිගින් දිගටම ජල බිල්පත් ගෙවීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම හිඟ මුදල් අයකර ගැනීමට නීතිමය පියවර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය සූදානම් වන බවද වාර්තා වෙයි.

මෙලෙස ජල බිල්පත් නොගෙවූ බහුතරයක් දැනටත් පාර්ලිමේන්තුව නියෝජනය කරති. ආණ්ඩුවේ ඇමැතිවරැන් ගණනාවක් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන් හා හිටපු මැති ඇමැතින් ගණනාවකගේ නම්ද මෙම ලැයිස්තුවට ඇතුළත්ය. එයින් දෙදෙනකු මියගොසිනි.

මෙලෙස පොලු තැබූ ජල බිල්පත්වලින් වැඩිම වටිනාකම සහිත බිල්පත සහිත නිවසේ හිමිකරු වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු මධ්‍යම පළාත නියෝජනය කරයි. ඔහුගේ හිඟ බිල්පතේ වටිනාකම රුපියල් ලක්ෂ 18කි.

මෙකී හිඟ බිල්පත් අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අදාළ උපදෙස් ජල සම්පාදන මණ්ඩලය විසින් මේ වනවිට ලබා ගනිමින් සිටින අතර මරණයට පත්වූ අමාත්‍යවරුන් දෙදෙනා හැර අන් සියල්ලන්ගෙන් බිල්පත් අයකර ගැනීමට අපේක්ෂා කරන බවද ජල සම්පාදන මණ්ඩලය පවසයි. යම් හෙයකින් නිසි ලෙස ජල බිල්පත් නොගෙවුවහොත් එම ජල සබඳතා විසන්ධි කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

-දේශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න