විදුරත් විමල් පිළට !

විදුරත් විමල් පිළට !

ආණ්ඩුව යුගදනවි ගිවිසුම මුල් කරගෙන සාමූහික වගකීම කඩකිරීම පිළිබදව කතා කරනවාට වඩා ආණ්ඩුව ජනතාවට වූ වගකීම කඩකිරීම සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදුකර ඇති අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම තුළින් කොතැනකදීවත් රාජ්‍ය දේපොළ විකුණන බව රටට නොකී බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ද ආණ්ඩුවේ විමල් පාර්ශ්වය වෙත ඇදීගොස් ඇති බවක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයේ බැසිල් විරෝධී පිළ තවදුරටත් ශක්තිමත් වෙන බවක් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න