එන ජන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ - දුමින්ද සිල්වා

එන ජන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ - දුමින්ද සිල්වා

තමන් ඊළඟ මැතිවරණයේදී ජනතාව ඉදිරියට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නාරාහෙන්පිටදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කවුරුන් කොහේ ගියද තමන් පක්ෂය දමා නොයන බවද බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ හැදුවේ බොහෝ වෙහෙස මහන්සියෙන් බවද ඔහු එහිදී සදහන් කලේය.

“අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුනා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ.

ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ.

ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ලඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ.

මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න.

අපි මේ රටේ තියන තත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට දෙන්න ද ආයෙ. එහෙම කරන්න බෑ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න