එක රටක් එක නීතියක් ඇලේ ? : ඇල අසල අනවසර ගොඩකිරීමක් ?

එක රටක් එක නීතියක් ඇලේ ? : ඇල අසල අනවසර ගොඩකිරීමක් ?

රාජගිරිය නාවල පාරේ පිහිටි ඇල මාර්ගයක් ආසන්නයේ පිහිටි ඉඩමක්, ඇල ආසන්නයේම ගොඩ කරමින් ඇති බවත් එය නිසි අවසරයකින් සිදුවන්නක්ද යන්න ගැටළු සහගත බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

ඇලක් ආසන්නයේ මේ ආකාරයට කිසියම් නීත්‍යානුකූල සංවර්ධන කටයුත්තක් සිදුවෙනවා නම් එක් ඉඩම් කොටසක පමණක් ගොඩකිරීම් සිදුවිය නොහැකි බවත් ඔවුන් පවසයි.

වාර්තා වන ආකාරයට ප්‍රසිද්ධ භික්ෂූවකගේ පන්සල් බිමක් මේ ආකාරයට අනවසර ගොඩකිරීමට ලක්කරමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස ප්‍රශ්න කරන්නේ ප්‍රධාන නගරයක, ඇල මාර්ගයක් අසල මේ ආකාරයට ගොඩකිරීම් සිදුකළ හැකියාව ඕනෑම අයෙකුට තිබේද යන්නයි.

එක රටක් එක නීතියක් කියා ආණ්ඩුව කියන්නේ මේ ආකාරයට කටයුතු කිරීමද යනුවෙනුත් ඔවුන් ප්‍රශ්න කරයි.

අදාළ භික්ෂූව සිය දේශපාලන බල සම්බන්ධතා යොදාගෙන එක රටක් එක නීතියක් මෙහිදීම උල්ලංඝනය කර ඇති බවත් ඔවුන් චෝදනා කරයි.

මාධ්‍ය සම්බන්ධීකාරකගේ ප්‍රතිචාරය මෙන්න !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අප අදාළ හිමිනමගේ මාධ්‍ය කටයුතු සම්බන්ධීකාරක වෙතින් ප්‍රතිචාරය විමසූ අතර එහිදී ඔහු පවසා සිටියේ, පන්සල් බිමේ කිසිම නීති විරෝධී කටයුත්තක් සිදුනොවන බවයි.

"මේ පන්සල් ඉඩම අක්කර 4ක්. අපේ හාමුදුරුවෝ අක්කර 3ක් පහත්බිම් එකට දීලා තියෙන්නේ, පන්සලට අක්කරයක් තියාගෙන. 1961 ඔප්පුවක් තියෙනවා. හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවන්ට තෑගි ඔප්පුවක් විදියට ඉඩම ලැබිලා තියෙන්නේ.

ඔය ගොඩකරන්නේ වැස්සට පන්සල යටවෙන නිසා.නීත්‍යානුකූලව සිද්ධවෙන්නේ"

IMG 20211208 WA0021

IMG 20211208 WA0022

IMG 20211208 WA0023

IMG 20211208 WA0024

IMG 20211208 WA0025

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න