ජවිපෙට බිම්මට්ටමේ ජයක් : ආසනය නිපුණගේ !

 ජවිපෙට බිම්මට්ටමේ ජයක් : ආසනය නිපුණගේ !

දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ බලවේග විසින් සහාය දුන් පිරිස 2/3 හෝ ඒ ආසන්න ජයග‍්‍රහණයක් ලබා ඇත.

නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධුර 39ක් දිනා ගනිද්දී ජයග‍්‍රාහී කණ්ඩායම ආසන 55ක් ජයග්‍රහණය කර ඇත.

මෙහිදී වැඩිම කොටසක් (48) ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කොටපොල සුරැකීමේ සංවිධානය විසින් දිනාගෙන ඇත.

ඒ අනුව සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය වන කුමණ ප‍්‍රමාණයෙන්දැයි මෙතෙක් අවසන් ගණනය කිරීමක් සිදුව නැත.

සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90% පමණ විශාල පරතරයකින් ජයග්‍රහණය කරන ලදී.

මෙම ආසනය පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිපුණ රණවක සංවිධායක ධුරය දරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න