බැඳුම්කර නඩුවකින් : හිටපු අමාත්‍ය රවී නිදහස් !

බැඳුම්කර නඩුවකින් : හිටපු අමාත්‍ය රවී නිදහස් !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැවරූ නඩුවකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක, නිදහස ලබා ඇත.

අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙන්ම ,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ඒ අනුව ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු ක ඇත.

මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.

රවී කරුණානායක කන්නේ අහක යන නඩුවක් !

කෙසේ වුවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගැටගසා තිබීම දේශපාලන අවාසනාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පවසන්නේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කළත්, ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අවස්ථාවේ ඔහු යටතේ ගැසට් කර නොතිබූ බවයි.

2015 බලපෙරළිය අවස්ථාවේ දින 100 ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක විසින් , රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10000 කින් වැඩිකිරීම , රුපියල් දහකට අධික මුදලකින් ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීම , අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් වෙනුවෙන් මිල පාලනයක් දැමීම , පළමු අයවැය හරහා ඉහළ ආදායම් ලබන කෝටිපති ව්‍යාපාරිකයන් වෙත විශේෂ බද්දක් පැමිණවීම ඇතුළු ආකර්ෂණීය තීන්දු කිහිපයක් ක්‍රියාවට නැංවූ බවත්, ඒ තුළ ඔහුට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් දියත්වූ බවත්, දේශපාලන විචාරක මතය වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න