යළිත් සන්ධානයක් වෙනුවෙන් ජවිපෙ සූදානම් !

යළිත් සන්ධානයක් වෙනුවෙන් ජවිපෙ සූදානම් !

ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයක් සෑදීමට සූදානම් බවට නිල ප්‍රකාශ නිකුත්කරමින් ඇත.

ඒ ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ මූලිකත්වයෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ, රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල ජාතික බලවේගයක් ගොඩ නැගිමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බවය.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ අද (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන හැටන් නගරයෙන් අරම්භ කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.

රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්තාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න