පීබී ඉල්ලා අස්වෙයිද : ආණ්ඩු හිතවාදී වෙබ් මේ කියන්නේ මොකක්ද ?

පීබී ඉල්ලා අස්වෙයිද : ආණ්ඩු හිතවාදී වෙබ් මේ කියන්නේ මොකක්ද ?

ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ඉල්ලා අස්වීමේ සූදානමක් සම්බන්ධයෙන් ආණ්ඩුව හිතවාදී මාධ්‍ය වාර්තා පුවත් පළකරමින් ඇත.

මේ පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් lead news වෙබ් අඩවිය සිදුකළ අනාවරණයකි.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කර ඇති බව වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර සිටී.

මෙම නිලධාරියා දැනටමත් ඇතැම් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් කඩිනමින් තනතුරෙන් ඉවත් වන බවයි.

පොහොර අර්බුදය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට එවීම යන කාරණා මත චමල් රාජපක්ශ අමාත්‍යවරයා විසින් ඔහුට තදින් දෝෂාරෝපණය කිරීම ඔහුගේ ඉල්ලා අස්වීම කඩිනම් වීමට බලපාන ප්‍රධනතම හේතුව බවද එම වෙබ් අඩවි වැඩිදුරටත් වාර්තා කර සිටී.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥ මහතෙකු පවසා සිටියේ ආර්ථික ඝාතක තීන්දු රැසකට මුල් වූ මෙම නිලධාරියා ඉහළ අධිකරණයෙන් දඬුවම් ලැබ රජයේ කිසිදු තනතුරක් නොදැරීමට සුදුස්සෙකු නොවන බවට තීන්දු කළ අයෙකු බවයි.

එම නීතිඥවරයාට අනුව වසර තිහක් තිස්සේ අදාල නිලධාරියා විසින් ගනු ලැබූ ආර්ථික ඝාතක තීන්දු හේතුවෙන් රට බංකොලොත් තත්වයට වැටී ඇති බවත් එලෙස රටවල් බංකොලොත් කිරීමට දායක වූ නිලධාරීන්ට ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර රටවල්වල දොරටු ඕනෑම මොහොතක විවර කර ඇති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න