ශ්‍රීලනිප තනි ගමන සූදානම් : තුනෙන් දෙක එපා යන්න කියලා !

ශ්‍රීලනිප තනි ගමන සූදානම් : තුනෙන් දෙක එපා යන්න කියලා !

යෝජිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වුවද එහි ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වී තිබෙන දේශපාලන අර්බුද මේ වන විට ඉහළ මට්ටමට පැමිණ තිබීම මීට හේතුව බවත් දැනගන්නට ඇත.

ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් දිස්ත්‍රික් ආසන සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පක්ෂ මූලස්ථානයේදී පවත්වමින් සිටින බවත් වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් දැඩි අවධානයක් යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

තුනෙන් දෙක එපා යන්න - පොහොට්ටු පක්ෂයේ මතය මෙන්න !

පුරසාරම් දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව සිහියේ තබාගත යුතුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නොවන බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වැනි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය මතු වන බව පෙන්වා දෙයි.

ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න