මාවනැල්ල අධ්‍යාපන කලාපයේ හිඟුල මෙඩේරිගම මහා විද්‍යාලයට පසුගිය 03 වෙනිදා කඩාවැදී ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට තර්ජනය කිරීම ගරුවරුන්ට පහරදී ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී පියතිස්ස මෙතෙක් අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලිසිය කටයුතු නොකිරීමට විරෝධය පල කරමින් අද (09) දින මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වාර්ජනයක් දියත් කර තිබේ.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී පියතිස්ස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම පාසල්වල සියලුම ගුරුවරු මේ වනවිට මාවනැල්ල පොලිසිය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරතව සිටිති.
එහිදී ගුරු විදුහල්පති උද්ඝෝෂකයන් වෙත පැමිණි පොලිසියේ උසස් නිලධාරියෙකු තමන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන භාරගෙන ඉදිරි කටයුතු සිදුකරන බව පැවසීය.
එහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් අවධාරණය කර සිටියේ පොලිසියේ වචන විශ්වාස කල නොහැකි නමුත් යම් කාලයක් ලබාදීමට සූදානම් බවය.
එහෙත් යුක්තිය ඉටුකිරීම සිදුනොවන්නේ නම් මාවනැල්ල කළාපයේ පමණක් නොව කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ අවශ්‍ය නම් රටේම පාසල් ආවරණය වන ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුන් පැවසීය.
එසේම අද දින පාසල් වැසීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම ගැන පොලිසිය සහ දේශපාලන බල අධිකාරිය වගකිවයුතු බවත් ඔවුන් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
