Language Switcher

V2025

ගැසට් රිවර්ස් කරන රහස මෙන්න !

රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන නැවතත් ඉවත් කරගැනීමට කටයුතු කරන්නේ ජනතාව කෙරෙහි ඇති සංවේදීතාවය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

යම් දෙයකින් ජනතාව තෘප්තිමත් නොවන බවට වැටහුන හොත් එය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු පැවසීය.

පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් මේ අදහස් දක්වා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘ගැසට් ඉවත් කරගන්නේ ජනතාවට සංවේදී නිසා. අපි ගැසට් එක ගැහුවා ජනතාවට මොනවා වුණත් කමක් නෑ අපි මේක ගෙනියනව කියල තැනක අපි ඉන්නේ නෑ. අපි මේ රටේ ජනතාව කෙරෙහි ඉතා සංවේදී රජයක්. අපට තේරුම් ගියොත් අප කළ දෙකින් ජනතාව අතෘප්තියට පත් වෙනවා කියලා එය වෙනස් කරන්න අපි මැලි වෙන්නේ නැහැ. පුහු මාන්නයක් ආඩම්බරයක් තියෙන රජයක් නෙවෙයි අපි. ජනතාවාදී රජයක්. ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු දේවල් යුතු දේවල් ඕන දෙයක් කරනවා "