Language Switcher

V2025

විරෝධතා දක්වන්නේ සජබ ජවිපෙ ගොවියන් : ඇමති රෝහිත හොයාගෙන !

පොහොර සහ වගාවට අත්‍යවශ්‍ය දේ ඉල්ලා උද්ඝෝෂණ කරන ගොවි ජනතාව සම්බන්ධයෙන් මානුෂීය ලෙස බැලිය යුතු බව විචාරක මතය වී තිබේ.

ඔවුන් මේ බව අවධාරණය කරන්නේ ගොවීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් දක්වන අදහස් සලකා බලමිනි.

ආණ්ඩුවට එරෙහි අදහසක් දක්වන, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කරන, ඊට එරෙහි වන සියලු දෙනා විරුද්ධ පක්ෂ වල නම් මේ වන විට ආණ්ඩු විරෝධී ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව තේරුම් ගතයුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ අතර වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසන්නේ අද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ සමගින් ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණේ ගොවියන් බවයි.

නමුත් කාබනික පොහොර වලින් වගා කළ හැකි බව කියන ගොවි මහත්වරුන් ද සිටිනා බවත් ඇමතිවරයා පවසයි.

පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් දේශපාලන පක්ෂ වලට බෙදී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළ අතර රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන ජනතාවට අරක්කු බෝතල්, විරෝධතා පුවරු, බත් පැකට් කොපමන අවශ්‍යදැයි විමසමින් විපක්ෂ නායකවරයා ගම්වලට ගොස් ජනතාව උසි ගන්වමින් සිටින බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.