රණවිරුවන්ගෙන් තවත් වික්‍රමයක්.....

රණවිරුවන්ගෙන් තවත් වික්‍රමයක්.....

යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිළදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ,

එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීම සදහා එම යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදිම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 03) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුකරන ලදි.

ඉතා කෙටිකාලයක් තුල අඩු පිරිවැයක් දරා සිදුකල එම ක්‍රියාවලියේදි බස්රථ -10 ක්, ට්‍රක් රථ - 05 ක්, යුනිකෝන් රථ - 03 ක්, ධාවන පැදි - 05 ක්, ට්‍රැක්ටර් රථ - 01 ක් සහ කැබ්රථ - 01 ක් අලුත්වැඩියා කර පරික්‍ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කදවුරු වෙත මෙහිදි ලබාදෙන ලදි.

{gallery}vehical-reper{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න