Language Switcher

V2025

කොරෝනා මරණ සංඛ්‍යාව 13,806 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,806 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 3 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 12 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (04) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයේදීය.